Monday, December 24, 2012

තවත් දිනකට වරම් නොලබා මෙහිම මා මියැදුනාවේ ....

සිනහවේ අරුමය දැනෙන්නේ ..
සිනහව වියැකී  ගිය දාය
කඳුලකත්  මිහිරක් දැනෙන්නේ 
ඇස් කෙවෙනි තෙත් වූ දාය
පාළුවේ සීතල දැනෙන්නේ
 සපිරිවර හැර ගිය දාය
නුඹ මගේ ළඟ නැති බැව්
 දැනුනේ තනිකම ගෙට ආ දාය
කඳු වටින් හිරු රැස්  එබී 
කව්ළුවෙන් ගෙට ඇදෙන්නේ
පොරෝනේ යට ගුලිවෙලා
 ඇස් පියා නින්දේම සිටින්නේ
සීත ඒ රෑ ගෙවූ මතකෙන් 
තවම මා  හද ගැහෙන්නේ
තවත් දිනකට වරම් නොලබා 
මෙහිම මා මියැදුනාවේ ....

 

No comments:

Post a Comment