Sunday, January 26, 2014

කුරුටු ගෑ හදවතක කුරුටු ගී .. ( අවජාතක කඳුල )

අතින් අත පටලන් ඇවිද ගිය ඉක්මන
ගමන අවසන් උනා අපිටවත් නොදැනීම
අපි අපේ වෙලා උන් මතකයක හැමදාම
දෙතොල් ගොළු වෙලා ඇත
කාටවත් නොකියාම ....
හීන තව දුර කියා හිතුනෙවත් නැතුවාට
අපි අපේ උනානේ ලෝකයට රහසේම
තිත්ත කළුවර නොවේ එලියමයි අපෙ ලොවට
හෙට දිනිඳු ගෙට නොඑනු 

අලුත් දවසක් රැගෙන ...

ඔබේ එක වදනකින්

සංසේචනය වුනි  මහද

දෑස ගැබ්බර උනා මොහොතකුත් නොසිතාම

දස එකඩ මසක් කල්

හිතේ හිරකරන් උන්

කඳුල විලි නොදරාම

ප්‍රසුතිය වූ අරුම 

තවම  අවජාතකයි
අහිංසක ඒ කඳුල
ඔබේ නම හැර වෙනත්
නමක් නම් බෑ දෙන්න ...