Wednesday, January 2, 2013

ආත්මයක ඉකිබිඳුම

බිත්ති සතරක් අතර සිරවුණු සුසුම් ලන සිතිවිලි හැගුම්බර

කඳුළු පන්හිඳ අගට කැටි කර

ඇස් කෙවෙනි අග ලියු කවි පද

ඔබට ඇසෙනට පවන් රොදකට අමුනා එවමි

මල් සුවඳක් මුසුකර

ආදරෙන් කියවා

උණුසුමෙන් සතපා

පුබුදන්න අයෙත් සීතලෙන් ගල් ගැසුණු ආත්මය

කුරුවි කෙවිල්ලන් හඬ ගැන ස්වරයෙන්

ගයාපන් එකවිපද

සුවබර නින්දක සතපවා මගේ ආත්මය

අවදි නොකරන්න

පින් ඇති මහතුනේ

මම ජීවත්ව සිටිනෙමි

ඔබට නොදැනෙන ලෙසට